Connect with us

Local News

ඡන්ද පෝස්ටර් ගලවන කම්කරුවෙකුට මසකට රු. 47,000ක් ගෙවනව

Published

on

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රටපුරා ප්‍රදර්ශනය කර තිබෙන පෝස්ටර්, කටවුට් සහ බැනර් ගැලවීමට පොලීසිය මගින් යොදා ගනු ලබන කම්කරුවෙකුට මසකට රුපියල් 47,050ක මුදලක් ගෙවීමට පියවර ගෙන තිබෙනවා.

කම්කරුවන් බොහෝදෙනෙකු මෙම රාජකාරිය සඳහා පොලීසියෙන් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම සේවයට පොලිස් ස්ථානයකට බඳවා ගත හැක්කේ කම්කරුවන් තිදෙනකු පමණක් බවද සඳහන්.

ඒ අනුව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ශ්‍රේණිය අනුව කම්කරුවන් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු බඳවා ගත හැකියි.

රට පුරාම ප්‍රදර්ශනය කෙරෙන පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම මේ වන විටත් සිදුවන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ප්‍රකාශ කළා.

ඇතැම් පක්ෂ සංවිධායකවරුන් ලක්ෂ ගණන් වැයකර කටවුට් ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා ඉවත්කර ගන්නා ලෙස අදාළ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

මූලාශ්‍රය – දිවයින