Connect with us

Local News

චීන පුහුණු නැවක් ලංකාවට

Published

on

චීන නාවික හමුදා පුහුණු නෞකාවක් ඉදිරියේදී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ.

අගෝස්තු 16 වැනිදා බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් චීන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක – ජාං ෂියාඕගංග් මහතා පවසා තිබුණේ මේ මාසයේ මැද සිට නොවැම්බර් අග දක්වා මෙම පුහුණු නෞකාව,  ශ්‍රී ලංකාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත බවයි.

මෙම නෞකාව, හොංකොං හි තාක්ෂණික නැවතුමක් සිදුකිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මිඩ්ෂිප්මන්වරුන්ගේ වෘත්තිමය හැකියාවන් වර්ධනය කිරීමට මෙන්ම වෙනත් රටවල් වල නාවික හමුදා සමග සහයෝගීතාව හා හුවමාරුවන් වර්ධනය කිරීම මෙහි අරමුණ ලෙස සැලකේ.

දිගින් මීටර් 85ක් හා පළලින් මීටර 11ක් වන ‘පෝලං’ නම් මෙම නෞකාවට නොට් 18ක උපරිම වේගයකින් ගමන් කළ හැකි අතර, එක්වර කැඩට් නිලධාරීන් 50ක් පුහුණු කිරීමට පහසුකම් සැලසිය හැකි වේ.

Continue Reading