Connect with us

Local News

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙනා විශ්වාසභංගය පරාජයට පත් වෙයි.

Published

on

විපක්ෂයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය යෝජනාව අද දින පාර්ලිමේන්තුවේදි පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් ලැබුණූ අතර විපක්ෂව ඡන්ද 113ක් ලැබී තිබුණා. මේ අනුව වැඩි ඡන්ද 40කින් විශ්වාසභංගය යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා. විශ්වාසභංගය පිළිබඳ විවාදය දින තුනක් පුරා පැවැත්වුණා. මෑත කාලයේ දිගින් දිගටම රෝහල්වල රෝගීන් මිය යාම හා බාල ඖෂධ භාවිතය හා එන්නත් නිසා ඇති වුණු ආසාත්මිකතාවන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගුණු ගැටලුකාරි තත්වයන් හේතුවෙන් සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මේ අතර අද පාර්ලිමේන්තුවට පැමිණි සිට සියළුම මන්ත්‍රීවරු විශ්වාසභංගය සඳහා ඡන්දය ප්‍රකාශකර තිබීමද විශේෂත්වයක්.