Local News
කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ සහ කාසල්රි ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. එමෙන්ම කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘතව පවතින අතර අධික වර්ෂාව හේතුවෙන් සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බවයි ජලාශ භාර ඉන්ජිනේරුවරයා දැනුම් දෙන්නේ. එම නිසා පහත්බිම්වල සිටින ජනතාව තවදුරටත් අවධානයෙන් පසු විය යුතු යි.