Connect with us

Local News

කච්චතිව් මංගල්‍යය හෙටින් ඇරඹෙයි – ඉන්දීය බැතිමතුන් දහසක් පමණ මංගල්‍යයට.

Published

on

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට (03) ඇරඹෙනවා. ඉන්දීය හා ලාංකීය බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් එය අනිද්දා දක්වා පැවැත්වෙනවා. යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මංගල්‍යය නාවික හමුදාවේ සහයෝගය ඇතිව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාව විසින් එක්ව සංවිධානය කරනු ලබනවා. මෙවර ඉන්දීය බැතිමතුන් දහසක පමණ පිරිසක් කච්චතිව් මංගල්‍යය වෙනුවෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කර තිබෙනවා.

Continue Reading