Connect with us

Breaking News

කංජිපානි හා ලොකු පැටී අත්අඩංගුවට

Published

on

ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තාගේ ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ‘ලොකු පැටී’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තා බෙලරූස්හි දී සහ ‘ලොකු පැටී’ නැමැත්තා ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ප්‍රංශයේ සැඟව සිටි ‘කංජිපානි ඉම්රාන්’ බෙලරූස් රාජ්‍යයට පළායාමට උත්සාහ කර තිබෙනවා.

ඒ අනුව ඔහුව ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනය පාතාල නායක ‘කංජිපානි ඉම්රාන්’ විසින් සැලසුම් කර ඇති බවටත්, එය පාතාල සාමාජික ‘ලොකු පැටී’ විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

‘කංජිපානි ඉම්රාන්’ විසින් ‘ක්ලබ් වසන්ත’ නැමැත්තා ඝාතනය කිරීම සඳහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බවයි බුද්ධි අංශ තොරතුරු වැඩිදුරටත් සඳහන් කළේ.

මූලාශ්‍රය – ලංකාදීප පුවත්පත
Continue Reading