Connect with us

Local News

ඔටෝ ඩීසල් නෞකාවක් දිවයිනට පැමිණේ – ගොඩබෑම අද උදේ

Published

on

දිවයිනට ඊයේ (25) රාත්‍රියේ ළඟා වූ ඔටෝ ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද උදෑසන ආරම්භ කිරීමට නියමිත යි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළේ, බැංකු නිශ්කාශන කටයුතු හේතුවෙන් ගොඩබෑම පමා වූ සුපර් ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ ආරම්භ කළ බව යි. බෙදාහැරීම් මෙහෙයුම් වෙනුවෙන් ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ මෙහෙයුම් අඛණ්ඩ ව ක්‍රියාත්මක බව ද එහි වැඩිදුරටත් දැක්වුණා. මේ අතර, ඩීසල් බෙදා හැරීම සීමා වීම නිසා අද සිට පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50කින් අඩුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.