Local News
උ/පෙළ විභාගය කල් නොදමන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙම විභාගය කල්දමන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කළත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉකුත් මාර්තු මස ගත් තීරණයට අනුව උසස් පෙළ විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විටත් අවසන් කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.
මෙම විභාගය පැවැත්වෙන දින වකවානු අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ඇතුළුව සෙසු විභාග රැසක් සඳහා දින තීරණය කර ඇති බවත්, උසස්පෙළ විභාගය කල් දැමීමට කටයුතු කළහොත් එමගින් ඉදිරි විභාග වැඩසටහනද සම්පූර්ණ වශයෙන්ම අක්‍රමවත් වනු ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.