Connect with us

Breaking News

උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි.

Published

on

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා. පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා රට පුරා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්වුණා. එහිදී පාසල් අයැදුම්කරුවෝ 278,196ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 53,513ක් සහභාගී වුණා. මෙවර විභාගයට මුහුණ දුන් අයදුම්කරුවන් 263,933ක් අතරින් 166,938ක් හෙවත් 63.3%ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් සපුරාගෙන තිබෙනවා.