Connect with us

Local News

උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් කැඳවීම දීර්ඝ කරයි.

Published

on

2022 උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීමේ අයදුම්පත් කැඳවීම ලබන මස 4 වනදා දක්වා දීර්ඝ කිරිමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මාර්ගගත ක්‍රමයට පමණක් උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීම අද (21) දිනෙන් අවසන්වීමට නියමිතව තිබුණා. අදාළ අයැදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන වෙත පිවිසීමෙන් ලබාගත හැකියි. මේ පිළිබඳ විමසීම සඳහා පාසල් විභාග ඇගයීම් ශාඛාවේ 011 2785231, 011 2785216, හෝ ක්ෂණික ඇමතුම් අංක 1911 ඇමතීමෙන් සිදු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Continue Reading