Connect with us

Local News

උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම ලබන 13 වැනිදා.

Published

on

උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම ලබන 13 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. මේ අතර, පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා ඇතැම් පිරිස් සභාග නිර්මාණය කරගෙන ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් චෝදනා කරනවා. කොළඹ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, රාජපක්ෂවරුන් තනතුරුවලින් ඉවත්වීම වැරදි සහගත ක්‍රියාවක් බවයි.