Connect with us

Local News

ඉන්ධන මිල පහළට.

Published

on

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 410ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 30කින් පහත දැමීමට කටයුතු කර ඇති අතර එහි නව මිල රුපියල් 510ක් වනවා. කෙසේ වෙතත්, ඔටෝඩීසල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් වල සංශෝධනයක් සිදුව නැහැ. ලංකා IOC සමාගම ද පෙට්‍රල් මිල ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඩු කළ අගයන්වලින්ම පහත හෙළීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා. ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුවයි මෙලෙස ඉන්ධන මිල සංශෝධනය කර ඇත්තේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පසුගිය සමයට සාපේක්ෂව මේ වනවිට සැලකිය යතු ලෙස පහළ මට්ටමක පවතින අතර, මීට සති කිහිපයකට පෙර ඩොලර් 100 ඉක්මවා ගිය ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක් අලෙවි වන්නේ අමෙරිකානු ඩොලර් 82.39ක මුදලකටයි.