Connect with us

Local News

අනුරාධපුර පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගෙන් ඓතිහාසික පිති හරඹයක්.

Published

on

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ සී කාණ්ඩයේ තරගයක දී අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ දනිදු සෙල්ලප්පෙරුම ක්‍රීඩකයා ලකුණු 500 සීමාව ඉක්මවා යන්නට සමත් වී තිබුණා. අනුරාධපුර ලයිසියම් විදුහල හා ශාන්ත ජෝසප් විදුහල අතර පැවති මෙම තරගය පැවැත් වුණේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී යි. එහි දී අනුරාධපුර ශාන්ත ජෝන් විද්‍යාලය සිය පන්දු වාර පනහ අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 722ක් වාර්තා කළ අතර එහි දී ශාන්ත ජෝසප් ද්‍යාලයේ දනිදු සෙල්ලප්පෙරුම ලකුණු 550ක් රැස්කරා. ඒ සඳහා ඔහු පන්දු 204ක් වැය කළ අතර හතරේ පහර 63ක් සහ හයේ පහර 31ක් එම ඉනිමට අන්තර්ගත වුණා. එහි දී දනිදු වාර්තා කළ ලකුණු 550 වාර්තාගත වන්නේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියක දී ඕනෑම වයස් කාණ්ඩයක ක්‍රීඩකයෙක් වාර්තා කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මීට පෙර එම වාර්තාව සතු වුණේ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතානට වන අතර ඔහු විසින් ලකුණු 409ක් රැස්කරගෙන තිබුණා.