Connect with us

Local News

අද සිට අස්වැසුම වැඩිහිටි දීමනාව නැවතත්

Published

on

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට එම පවුල්වලට හිමි අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල සිටින ප්‍රතිලාභීන්ට නොවැම්බර් මාසයට අදාළ රුපියල් 3000ක වැඩිහිටි දීමනාව අද සිට තම පවුලේ අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකියි.

අස්වැසුම ප්‍රතිලාභී නොවන අවුරුදු 70 ට වැඩි දැනටමත් එම දීමනාව ලබන අනිකුත් වැඩිහිටියන් සදහා එම දීමනාව පැවති ක්‍රමය අනුව අඛණ්ඩව තැපැල් කාර්යාල මගින් ලබා ගැනීමේ හැකියව පවතිනවා.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ පන් ලක්ෂ එකොලොස් දහස් අසූ හයකට මෙම දීමනාව හිමි වනවා.