Connect with us

Local News

අද සහ හෙට දිනවල විදුලිය කැපෙන හැටි.

Published

on

තාප විදුලි බලාගාරවලට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවල දී විදුලි ඉල්ලුම කළමනාකරණ ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, එක් එක් පළාත්වල විදුලි සැපයුම විසන්ධි කරන වේලාවන් සහ නැවත විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන වෙලාවන් වෙන වෙන ම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එක් එක් පළාතට පැය එකයි විනාඩි විස්සක කාලයක් බැගින් අද සහ හෙට යන දිනවල දී විදුලි සැපයුම සීමා කිරීමට නියමිත‍යි.