Connect with us

Uncategorized

අද ලෝක රූපවාහිනී දිනය

Published

on

මීට කාලෙකට ඉස්සර සුඛෝපභෝගී භාණ්ඩයක් හැටියටයි ”රූප පෙට්ටිය” හැඳින් වුණේ.

ඒ නිසාම රූප පෙට්ටියට හිමි තැන වුණේ නිවසක ආලින්දය.

කාලයත් එක්ක ආලින්දයෙන් මුළුතැන්ගෙය දක්වා රූප පෙට්ටිය එහෙමත් නැත්නම් රූපවාහිනිය විතැන් වෙලා.

සමහර නිවෙස්වල මුළුතැන්ගෙයිවත් ඊට ඉඩක් නැති තරම්.

කොහොම නමුත් එදා මෙදා තුර රූපවාහිනිය, තොරතුරු සන්නිවේදන කාර්යයෙහිලා ඉටුකළ මෙහෙය නම් අප්‍රමාණයි.

ලෝක රූපවාහිනි දිනය (World Television Day) ලෙස නම් ලද අද එනම් නොවැම්බර් 21, ඊට ප්‍රණාමය ලබාදීම අපේ යුතුකමක්.

මන්ද රූපවාහිනියේ භූමිකාව ඒ තරමට අපේ ජීවිතවලට බද්ධව ඇති නිසාවෙන්.

Continue Reading