Local News
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (30) පස්වරු 02.30 ට නිකුත් කර ඇති එම නිවේදනය අද රාත්‍රී 11.30 වන තෙක් බලාත්මක වනු ඇති.
ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, පොලොන්නරුව, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන බව ද එහි සඳහන්.
ඒ අනුව අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් හෙට (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.