Connect with us

Local News

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ.

Published

on

ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගැනීමට හැකියාව පවතින බවයි ඔවුන් නිවේදනය කළේ. මෙම මිල පහත හෙළීම ඊයේ (22) දින සිට ලබන 30 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව ආනයනික ලොකු ලූණු කිලෝවක් රුපියල් 25කින් අඩු කර තිබෙනවා. එහි පෙර පැවති මිල රුපියල් 175ක් වන අතර නව මිල රුපියල් 150ක්. සුදු සීනි කිලෝවක් රුපියල් 7කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 278ක්. සුදු සීනි කිලෝවක් මීට පෙර අලෙවි වූයේ රුපියල් 285ක මිලකටයි.
රුපියල් 185ක්ව පැවති ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 179ක්. ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 9කින් අඩු කර පාරිභෝගික ජනතාවට ලබාදීමට සතොස ආයතයනය පියවර ගෙන තිබෙනවා. එහි පැවති මිල රුපියල් 194ක් වූ අතර මිල අඩු කිරීමෙන් පසු වන මිල රුපියල් 185ක් වනවා. ආනයනික රතු පරිප්පු කිලෝවක මිල අඩු කර ඇත්තේ රුපියල් 14කින්. එහි පැවති මිල රුපියල් 429ක් වූ අතර නව මිල රුපියල් 415ක්.

Continue Reading