Local News
අගමැති කොයිකා සමග නව ගිවිසුමකට එළඹෙයි.
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් මධ්‍යම හා ඌව පළාත්වල ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා වන ගිවිසුමකට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ දකුණු කොරියානු සහයෝගීතා ඒජන්සියේ ප්‍රධානීහු (KOICA) පසුගියදා අත්සන් තැබූහ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයෙන් ලබාගත් අනුමැතියක් අනුව එම ගිවිසුමට මෙලෙස අත්සන් තැබුවේය. පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරිම, සනීපාරක්ෂක පහසුකම් නංවාලීම, පුද්ගලික ස්වස්ථතාව වැඩිදියුණු කිරීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම, පසුඅස්වනු හානි අවම කිරිම මෙන්ම ආහාර සුරක්ෂිතතාව සහ ගෘහ ආදායම් ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතිය මගින්
අපේක්ෂා කෙරේ.