Connect with us

Sports

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක්.

Published

on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 206 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 52ක්, පැතුම් නිස්සංක ලකුණු 33ක්, චරිත් අසලංක පන්දු 19කදී හයේ පහර 4ක් සමග ලකුණු 37ක් හා සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 20කින් හතරේ පහර 2ක් සහ දැවැන්ත හයේ පහර 6ක් සමගින් වේගවත් ලකුණු 56ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Axar Patel කඩුලු 2ක්, Umran Malik කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවී ඇති ඉලක්කය ලකුණු 207ක්.