Connect with us

Sports

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 355කට සීමාවෙයි.

Published

on

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 355ක් ලබා ගැනීමට සමත් වුණා. ඊයේ දිනයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක්, ධනංජය ද සිල්වා ලකුණු 46ක් හා කසුන් රාජිත ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුණා. තේ පානය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 70ක් ලබා සිටියා. අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා. ලකුණු පුවරුව පහතින්,