Connect with us

Sports

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය අයර්ලන්තයට – අයර්ලන්ත පළමු ඉනිම 106/3යි.

Published

on

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත නායක Andrew Balbirnie පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. මෙම තරගය සඳහා ප්‍රබල පිතිකරුවෙකු වන Paul Stirling කැඳවීමට අයර්ලන්තය තීරණය කර තිබෙනවා. ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්ත කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුළු 3ක් දැවී ලකුණු 106ක් ලබා සිටියා. එහිදී අයර්ලන්ත නායක Andrew Balbirnie නොදැවී ලකුණු 57ක්, Harry Tector ලකුණු 18ක් සහ Paul Stirling නොදැවී ලකුණු 14ක් රැස් කළා. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුළු 2ක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ හෙළුවා.