Connect with us

Sports

ලෝක වාර්තාවක් තබමින් ලක් මව රිදියෙන් සැරසූ සමිත දුලාන්

Published

on

පැරිස් – පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වුණා.

ඒ නව වාර්තාවක් ද සමඟින්.

ඔහු එහිදී මීටර 67.03ක දක්ෂතාවක් වාර්තා කළේ F44 කාණ්ඩයේ පෙර පැවති ලෝක වාර්තාව බිඳ දමමිනි.

එහි රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩක සුමිත් ඇන්ටිල් සමත් වූ අතර ඔහු මීටර් 70.59ක දක්ෂතාවක් පෙන්නුම් කළා.

මෙම ජයග්‍රහණය සමිත දුලාන් ටෝකියෝහිදී (2020) දිනූ ලෝකඩ පදක්කමෙන් පසුව ලැබූ පැරාලිම්පික් රිදී පදක්කම වීම ද විශේෂය.

එමෙන්ම ඔහුගේ දක්ෂතාවය පැරා ඔලිම්පික් තරඟවල දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබාගත් ජයග්‍රහණ අතර ඉහළින්ම සනිටුවහන් වන්නකි.

2024 පැරිස් හි මෙතෙක් අප රට වෙනුවෙන් පදක්කමක් දිනූ එකම ක්‍රීඩකයා වන්නේත් ඔහුයි.

Continue Reading