Magazine
ලොව හොඳම පාපන්දු ක්රීඩකයාට හිමි, Ballon d’Or සම්මානය මෙවර රොඩ්රිගෝ හට
මෙවර වසරේ විශිෂ්ටතම පාපන්දු ක්රීඩකයාට හිමි බැලන් ඩි’ ඕර් (Ballon d’Or) සම්මානය ‘ස්පාඤ්ඤ’ සහ ‘මැන්චෙස්ටර් සිටි’ කණ්ඩායමේ මැදපෙළ ක්රීඩක රොඩ්රිගෝ (Rodrigo Hernández Cascante) හට හිමිව තිබෙනවා.
රොඩ්රි මෙම සම්මානය දිනාගනු ලැබුවේ බ්රසීලයේ විනිසියස් ජූනියර් සහ රියල් මැඩ්රිඩ්හි එංගලන්තයේ ජූඩ් බෙලිංහැම් යන දෙදෙනාම අභිබවා යමිනි.
කාන්තා සම්මානය හිමිව තිබුණේ, බාසිලෝනා කණ්ඩායමේ ස්පාඤ්ඤ මැදපෙළ ක්රීඩිකා අයිටානා බොන්මති (Aitana Bonmatí) හටයි. ඇය ඊට හිමිකම් කියන්නේ දෙවන වරට වීම විශේෂය.
එමෙන්ම 21න් පහළ දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය හිමිව තිබුණේ බාර්සිලෝනා සහ ස්පාඤ්ඤය නියෝජනය කරන ලැමයින් යමල් හටයි.
Lamine Yamal won the Kopa Trophy – the award given to the best under 21 player in men’s football.
ප්රථම වරට බැලන් ඩි’ ඕර් සම්මානය දිනූ රොඩ්රි, මෙවර යුරෝපීය ශූරතාවලියේ හොඳම ක්රීඩකයා ද වීම විශේෂය.
28 හැවිරිදි ඔහු, Alfredo Di Stefano (1957 – 1959) සහ Luis Suarez (1960) ට පසුව බැලන් ඩි’ ඕර් සම්මානය ලබාගත් ස්පාඤ්ඤ ඉතිහාසයේ තුන්වන පාපන්දු ක්රීඩකයා වන අතර Lothar Matthaus ට පසුව එම සම්මානය දිනූ පළමු ආරක්ෂක මැදපෙළ ක්රීඩකයා වේ.
Spain’s and Manchester City’s Rodri with the Ballon d’Or