Connect with us

Entertainment

ලඟදීම ෂාරුක් එක්ක අමිතාබ් රඟපාන චිත්‍රපටයක්.

Published

on

කාලයක සිට සැළසුම් කරමින් සිටින ෆර්හාන් අක්තාර්ගේ ‘ඩොන්’ තුන්වැනි චිත්‍රපටයේ අලුත්ම තොරතුරු රැසක් මේ වනවිට මාධ්‍යයට ලැබි තිබේ. ඒ එම චිත්‍රපටය සඳහා බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන් එකතුවීමය.
අමිතාබ් 1978 වසරේ නිර්මාණය වූ ‘ඩොන්’ චිත්‍රපටයේ රඟපෑ නළුවාද වීම විශේෂත්වයකි. කෙසේවෙතත්, ‘ඩොන්’ තුන්වැන්නේ අමිතාබ්ගේ චරිතය ගැන තවමත් තොරතුරු වාර්තා නොවන අතර, ඔහු රහස් පරික්ෂයෙකු ලෙස මෙහි පෙනීසිටින බව පමණක් දැන ගැනීමට ලැබේ.

ප්‍රේමවන්තයාගේ චරිතයෙන් රසික සිත් වසඟයට පත් කළ බොලිවුඩයේ රජු නමින් කිරුළ හිමිවන ෂාරුක්ගේ ක්‍රියාදාම රංගනයන් අපට දැකගන්නට ලැබෙන්නේ DON චිත්‍රපටයෙන්. ෂාරුක් ඒ අභියෝගයත් සාර්ථකව ජයගත් නිසාම DON දෙවැනි චිත්‍රපටයත් නිර්මාණය වුණා. මේ ගැන පැතිරෙන අලුත්ම ආරංචිය තමයි DON තෙවැනි චිත්‍රපටය ප්‍රවීණ අධ්‍යක්‍ෂ හා නළු ෆර්හාන්ගේ දායකත්වයෙන් නිර්මාණය වෙන බව. ඒ වුණත් ෆර්හාන් නම් මේ ගැන මාධ්‍යට කියන්න එතරම් කැමැති වෙලා නැහැ.DON 2 චිත්‍රපටයෙන් පස්සේගොඩාක් අය මේ චිත්‍රපටයෙ තව කොටසක් නිර්මාණය වෙයි කියන බලාපොරොත්තුවෙන් සිටියත් මේ ගැන අදහස්පළ කරන්න
ෆර්හාන්ට තිබුණේ තරමක පසුබෑමක්. “ඇත්තෙන්ම මම DON 3 චිත්‍රපටය ගැන කියන්න ටිකක් බය මේ ගැන ආරංචි වුණාම ඒකට එල්ල වෙන විවේචන නිසයි. කොහොමත් DON 3 චිත්‍රපටය නිර්මාණය ගැන තවමත් තියෙන්නේ අදහසක් විතරයි. මේ දවස්වල මම රංගන කටයුතු නිසා ටිකක් කාර්ය බහුලයි. ඒ වුණත් ඉක්මනින්ම DON 3 චිත්‍රපටය නිර්මාණය කරන්න තමයි මගේ අදහස. ෂාරුක්ට ආදරේ කරන රසිකයන්ටත්
මේක සුබ ආරංචියක් වේවි”. ඔහු මාධ්‍යයට ප්‍රකාශකර තිබෙන්නේ එහෙමයි.

Continue Reading