Connect with us

Sports

මැතිව්ස්ගෙන් ශතකයක් – ශ්‍රී ලංකා ඉනිම කඩුළු 3ක් දැවී ලකුණු 704ක් ලබා සිටියදී අත්හිටුවයි.

Published

on

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 704ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිශාන් මදුෂ්​ක ලකුණු 205ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 245ක් ලබා ගනිමින් ද්විත්ව ශතක වාර්තා කළ අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 212ක් ඉදිරියෙන් පසුවනවා.