Connect with us

Magazine

මම කැමති නෑ සෝෂල් මීඩියාවලින් ජනප්‍රිය වෙන්න

Published

on

දිගු කාලයක් පුරාවට රංගන ක්ෂේත්‍රය තුළ ඉහළ ජනප්‍රියත්වයක් සේ ම අසීමිත රසික ආකර්ෂණයක් දිනූ සොඳුරු තාරකාවකි, අංජුලා රාජපක්‍ෂ.

කාලය කෙතරම් ගෙවී ගියත් ඇය ලබන ජනප්‍රියත්වයේ නම් කිසිදු අඩුවක් වෙලා නෑ.

ගෙවුණු දවසක පුවත්පත් සාකච්ඡාවක් හා එක්කාසු වෙමින් ඈ, අදටත් ලබන ජනප්‍රියත්වය ගැන මේ විදියට කියලා තිබුණා.

”ජනප්‍රියත්වය කියන දේ ගැන මම ලොකුවට හිතන්නෙ නැහැ.

හෙට මිනිස්සු මාව හඳුනාගත්තෙ නැති වුණත් දුකක් නොදැනෙන විදිහට තමයි මම වැඩ කරන්නෙ.

ජනප්‍රියම නිළිය ලිස්ට් එකේ මගෙ නම නැති වුණාට මාව දන්න ටික දෙනෙක් හරි මං එක්ක කතාකරනවනෙ.

මට ඒක ඇති…”

අංජුලා කියන්නෙ සමාජ මාධ්‍යයේ නිතර සක්‍රීය චරිතයක් නොවන බව ඔබ දන්නවා. ඒ ගැනත් ඇය මේ විදියට අදහස් දක්වලා තිබුණා…

”ඇත්තටම මම කැමති නැහැ සෝෂල් මීඩියාවලින් ජනප්‍රිය වෙන්න. මොකද අපිටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවනෙ.

මම කැමති ටෙලිනාට්‍යයක චරිතයක් තුළින් ප්‍රේක්‍ෂකයන් මාව හඳුනාගන්නවට.

හැමදේටම වඩා හිමින් ගමන හොඳයි. දැන් තමන්ට තමන්ම ගොසිප් එකක් ගහගෙන එක රැයකින් ජනප්‍රිය වෙන්න පුළුවන්.

නමුත් ඒක වැරදි ආදර්ශයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. වැඩි පැවැත්මක් නැහැ.

වල්පැලෑටි බිහිවෙනව වැඩියි. නමුත් වටිනා ගහක් බිහිවෙන්න කාලයක් යනව.

ඒ වගේම නරක පැතිරෙනව වැඩියි. හොඳ එළිවෙන්න කාලයක් යනව.

මේ ටික තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන්නම් හොඳයි…”

”මම මෙතෙක් පැමිණි ගමන්මග දෙස බැලුවාම ලොකු සතුටක් දැනෙනව.

මොකද මම ක්‍ෂේත්‍රයට ආවෙ කිසිම දෙයක් දැනගෙන නෙමෙයි.

ප්‍රවීණයන්ගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාහදාගෙන, ඔවුන්ගේ අත්දැකීම් අපිට කියල දීල, ඔවුන්ගෙන් දෙයක් ඉගෙනගත්ත ගමනක් තමයි මම මේ ආවෙ.”

(උපුටාගැනීම් : මහේෂ් එදිරිසිංහ | මීවිත )
Continue Reading