Connect with us

Sports

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අවමන්සහගත තරගාවලි පරාජයක් – ශ්‍රී ලංකාව ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටයට.

Published

on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තෙවන හා අවසන් එක්දින තරගය කඩුළු 6කින් ජය ගනිමින් නවසීලන්ත කණ්ඩායම එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා. ඒත් සමගම එක්දින ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට තිබූ අවසන් අවස්ථාවත් ගිලිහී ගිය අතර මේ වසරේ ඉන්දීයාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට සිදු වනවා. එක්දින තරගයේ කාසියේ වාසිය දිනගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 41.3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 157ක් පමණයි. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 57ක්, නායක දසුන් ශානක ලකුණු 31ක් හා චාමික කරුණාරත්න ලකුණු 24ක් ලබාගත්තා. Henry Shipley කඩුළු 3ක් දවාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී නවසීලන්තය වෙනුවෙන් Will Young ලකුණු 86ක් සහ Henry Nicholls ලකුණු 45ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 2ක් සහ කසුන් රාජිත හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා. තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ දෙවැනි තරගය වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා අතහැර දැමූ අතර ඒ අනුව පැවති තරග දෙකම ජයගෙන තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.