Connect with us

Sports

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් වෙයි.

Published

on

අයර්ලන්ත තරගාවලියෙන් පසු තමන් ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඒ අනුව තමන් මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුව සමගද සාකච්ඡා කළ බවයි අද (20) තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ. කෙසේ නමුත් තේරීම් කමිටුව ඒ සම්බන්ධයෙන් තමන්ට මේ වන තුරු නිසි පිළිතුරක් ලබා නොදුන් බවත් තමන්ගේ බලාපොරොත්තුව වන්නේ මීළඟට පැවැත්වෙන තරගාවලියෙන් අනතුරුව නව නායකයෙකුට අවස්ථාව ලබාදීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.