Connect with us

Politics

ඡන්ද නීති කැඩුවොත් මේසැරේ පොලිස් ඇපත් නෑ

Published

on

ඡන්ද නීති රීති කඩ කරන ඡන්දදායකයන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප නොදී උසාවියට ඉදිරිපත් කිරීමට පොලීසිය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අධිකරණය විසින් ලබාදෙන නියෝග අනුව ක්‍රියා කිරීමට  පොලීසිය තීරණය කර ඇති බව පැවසේ.

පොලිස් ඇප ලබාදීම හරහා යම් ආකාරයකින් පක්ෂග්‍රාහී වීම් සිදුවෙතැයි යන ගැටලු මඟහැර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව මේ තීන්දුව ගෙන ඇති බවද වාර්තා වේ.

විශේෂයෙන් ඡන්ද නීතී රීති උල්ලංඝණය කරන අය සඳහා දැඩි දඬුවම් දීමට පොලීසිය තීරණය කර ඇති බවද පැවසේ.