Connect with us

Sports

කමිඳු ඔහුට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා” – ටෙස්ට් නායක දනංජය ද සිල්වා !

Published

on

නිමාව දුටු බංග්ලාදේශ ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය වෙනුවෙන් කැඳවීම් ලැබූ කමිඳු මෙන්ඩිස් එහිදී සුපිරි පිතිකරණ දක්ෂතා දැක්වීමට සමත් වූවා.ඉනිම් ද්විත්වය තුලම ශතක රැස් කරගත් කමිඳු වාර්ථා කිහිපයක්ද අලුත් කලේ වසර දෙකකට පසුව කණ්ඩායමට පැමිණි පසු වීමත් විශේෂත්වයක්.

ඔහු පිලිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දනංජයද සිල්වා කියා සිටියේ මෙවැන්නක්…

“ඔහු සෑහෙන කාලයක් ජාතික කණ්ඩායමට පැමිණ ක්‍රීඩා කිරීමට බලාගෙන සිටියා. මම හිතන්නේ ඔහුට ලැබුණු අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන ගත්තා කියලා. ඒ වගේම අංක 7 ස්ථානය, මම මීට පෙර පිතිකරණයේ යෙදුණු තැන නිසා, ඔහුගේ ක්‍රීඩා විලාසය එතනට ගැළපෙනවා..”