Connect with us

Politics

ඉන්දීය කණ්ඩායම පරදා පාකිස්තානුවන්ට කඩුළු 5ක තියුණු ජයක්.

Published

on

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් කඩුළු 5ක තියුණු ජයක් හිමි කරගන්නට පාකිස්තාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක බාබාර් අසාම් පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 181ක් ලබා ගත්තා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි පන්දු 44කදී ලකුණු 60යි. නායක රෝහිත් ෂර්මා පන්දු 16කදී ලකුණු 28ක් සහ KL රාහුල් ලකුණු 28ක් රැස් කළා. අන් කිසිදු ඉන්දියානු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකර යෑමට නොහැකි වුණා. ඒ අනුව ලකුණු 182ක ඉලක්කයක් ලබා පිටියට පිවිසි පාකිස්තානුවන් පන්දුවාර 19.5ක් අවසානයේ තරගය ජයගත්තා. මොහමඩ් රිස්වාන් හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 71ක් සහ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මොහමඩ් නවාස් පන්දු 20කදී ලකුණු 42ක් රැස් කළා.