Sports
ඇෆ්ගනිස්තානය සමග පැවැති අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක්.
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ අගනා පිතිහරඹය හමුවේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, දෙරට අතර පැවැති තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කිරීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 314ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 49.4ක් අවසානයේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී කලකට පසුව තමාගේ සුපුරුදු රිද්මයට පැමිණි චරිත් අසලංක, ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 72කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමග නොදැවී ලකුණු 83ක් රැස්කළේය. දිනේෂ් චන්දිමාල් (33) සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 48ක්ද, නායක දසුන් ශානක (43) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 79ක්ද එක් කළ අසලංක, ඉන් නොනැවතී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ (නොදැවී 31) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39කදී ලකුණු 65ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 21කට මුහුණදුන් වෙල්ලාලගේ හයේ පහරකින් සහ හතරේ පහර 4කින් සිය ඉනිම සරසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය. කුසල් මෙන්ඩිස් (67) සහ පැතුම් නිස්සංක (35) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 108කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 61කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම, ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්රාන්ගේ (162) විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබාගත්හ. තරමක් සෙමින් ඉනිම ඇරඹූ ඊබ්‍රහීම් පන්දු 64කදී අර්ධ ශතකයත්, පන්දු 100කදී ශතකයත් සම්පූර්ණ කළේය. එක්දින තරග 8කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලබාගත් තෙවැනි ශතකය එය විය. ශතකය ලබාගැනීමෙන් අනතුරුව ප්‍රහාරය ආරම්භ කළ ඊබ්‍රහීම්ට ඉතිරි ලකුණු 62 ලබාගැනීම සඳහා වැය වූයේ පන්දු 38 ක් පමණි. ඔහුගේ විශිෂ්ඨ ඉනිම හයේ පහර 4කින් සහ හතරේ පහර 15කින් සමන්විත විය. මුල් කඩුලු 3 ලකුණු 57ක් තුළ බිඳවැටීමෙන් අනතුරව නජිබුල්ලා සද්රාන් (77) සමග එක්වූ ඊබ්‍රහීම්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 154ක සම්බන්ධතාවක් පවත්වමින් ඇෆ්ගනිස්තාන ඉනිමට නව ජවයක් එක් කළේය. පන්දු 76කට මුහුණදුන් නජිබුල්ලා හයේ පහරකින් සහ හතරේ පහර 8කින් සිය ඉනිම සැරසුවේය. සිය ඕවර 10 තුළදී ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 60ක් ලබාදුන්නද, එහිදී කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වූ කසුන් රාජිත, තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා බවට පත් විය. ලකුණු 67කට කඩුලු 2ක් දවාගත් වනිඳු හසරංග සෙසු ඇෆ්ගනිස්තාන පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා රාජිතට සහාය දැක්වීය.