Connect with us

Entertainment

අගෝස්තු 17 වැනිදා එන “ෂී – හල්ක්”

Published

on

එළැඹෙන අගෝස්තු 17 වැනිදා ඇමෙරිකාවේ ප්‍රකට රූපවාහිනි නාළිකා කිහිපයකින් තවත් විශිෂ්ට ‘මාවල්’ ටෙලි නිර්මාණයක් වන ‘ෂි – හල්ක්’ විකාශය ඇරඹිමට සූදානම් කර තිබෙන බව සඳහන් වෙයි. පසුගියදා මෙහි සමාරම්භක මාධ්‍යය සාකච්ඡාව පැවැත්වූ අතර, ඊට ‘ෂි – හල්ක්’ හෙවත් ටැටියානා ලෙස රංගනයෙන් දායක වන ජම්ලා ජමිල්ද එක්ව තිබුණි. ඇය සමගින් මෙම ටෙලිනාට්‍යය තුළ ‘මාවල්’ සුපිරි චරිතයක් වූ හල්ක්ට පණ පොවන මාර්ක් රැප්ලෝද රංගනයෙන් දායක වෙයි. ‘ෂි – හල්ක්’ කොටස් නමයකින් යුත් කතාංගයක් වන අතර, ‘මාවල්’ සමාගම එම කොටස් නමයම එක්වර නිකුත් කරන්නටද කටයුතු කර තිබෙන බව සඳහන් වෙයි.

Continue Reading