Connect with us

Business

Western Automobile Assembly Private Limited සිය නවීනතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව කුලියාපිටියේ දී ආරම්භ කරන වගයි

Published

on

වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම (Western Automobile Assembly Private Limited) කුලියාපිටිය, මහනුගලන්ද දී සිය අති නවීන වාහන (SKD) එකලස් කිරීමේ කර්මාන්තශාලාව ලඟදීම අරම්භ කරන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම අති නවීන කර්මාන්තශාලාව තිරසාර වර්ධනය සහ දිගුකාලීන අභිවෘද්ධිය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික නිපුණතා සහ දැනුමෙන් ජාතියේ තරුණ තරුණියන් සන්නද්ධ කරමින්, අප දේශය ආර්ථික සංවර්ධනය කරා ගෙන යාමට දායක වෙනු ඇත.

මෙම කර්මාන්තශාලාව ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපෘතියක් වේ. ජාත්‍යන්තර මෝටර් රථ විශේෂඥයින්ගේ උපදෙස් මත නිර්මාණය කරන ලද සහ ජර්මනිය, ජපානය සහ කොරියාවේ නවීන තාක්ෂණයෙන් නිෂ්පාදිත යන්ත්‍රසූත්‍ර වලින් සමන්විත වන අතර මෙම කර්මාන්තශාලාව ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක වේ. බහු-වෙළඳ නාම හැසිරවිය හැකි නම්‍යශීලී පද්ධතියක් මත එහි කාර්යක්ෂමතාව පදනම් වී ඇත. දැඩි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වෙමින්, කර්මාන්තශාලාව කලාපයේ ප්‍රමුඛතම මොටර් රථ එකලස් කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත.

සමාගම දේශීය දක්ෂතා නගා සිටුවීමට හා ප්‍රජා සංවර්ධනය සදහා කැපවී සිටී.මෝටර් රථ ඉංජිනේරු උපාධිධාරීන් හා මෝටර් රථ ඩිප්ලෝමාධාරීන් ඇතුළු සෘජු සේවකයින් සියයකට අධික සංඛ්‍යාවක් මේ වන විටත් වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම විසින් බදවාගෙන අවසන්ය.එයට අමතරව මානව සම්පත් පරිපාලනය සහ නඩත්තු කාර්‍ය‍යන් සදහා අවශ්‍ය 25 දෙනෙකුගේ සේවක පිරිසක්ද බදවා ගැනීමට නියමිතයි.එමෙන්ම ආරක්ෂාව සැපයුම හා ප්‍රවාහනය,ආහාර සැපයීම හා පිරිසිදු කිරීම ආදිය සදහා දේශීය සේවා සපයන ව්‍යාපාර කිහිපයක් සමග හවුල්කාරීත්වයන් ගොඩ නගාගෙන ඇත.එමගින් සමාගම දේශීය ආර්ථිකයට ධනාත්මක සහයෝගයක් සපයයි.

මීට අමතරව,සමාගම පුහුණුව හා සංවර්ධනය සඳහාද ගැඹුරින් කැපවී සිටී. ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවට සරිලන වෘත්තීය පුහුණුවක් තරුණ තරුණියන්ට ලබා දියහැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පුහුණු ආයතනයක් ලෙස වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම හඳුන්වා දිය හැක. තවද ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සහ ආර්ථිකය යන අංශ ඉහළ නංවාලීමටද මෙමගින් හැකියාව ලැබේ.

වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීම මෝටර් රථ එකලස් කරන්නෙකු සහ නිෂ්පාදකයෙකු ලෙස ශ්‍රී ලංකාව තුල සිය පැවැත්ම පුළුල් කිරීමට ගත් දිගු කාලීන උපායමාර්ගයකි. නවොත්පාදනය, තිරසාරභාවය සහ විශිෂ්ඨත්වය සදහා සමාගම සිය මෙහෙයුම් වල කැපවී සිටී.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *