Connect with us

Business

SLT-MOBITEL ජාතික ඩිජිටල් පෙරළියකට සූදානම්.

Published

on

මෙරට ප්‍රමුඛත ම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය පසුගියදා එළිදැක්වූයේය.

විදුලි සංදේශන සහ තාක්ෂණ අංශයේ මෙරට වඩාත් ශක්තිමත් ම සන්නාමයක් ලෙස SLT-MOBITEL, මෙරට ජාතික ඩිජිටල් පෙරළියක් ඇති කිරීම සඳහා ඇති ප්‍රධානත ම බාධක ලෙස සම්ප්‍රදායික ක්‍රමවේද, අකාර්යක්ෂමතාව, දූෂණය, අධික මෙහෙයුම් පිරිවැය සහ නාස්තිය හඳුනාගෙන ඇත.

පුරවැසි අනන්‍යතා ඩිජිටල්කරණය සහ සවිමත් ඩිජිටල් ආරක්ෂක සහ පුද්ගලිකත්ව පද්ධති සමගින් පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම, නව ජාතික ඩිජිටල් පෙරළියක් සඳහා SLT-MOBITEL යෝජනාකරන යෝජනාවලියේ පදනමයි. එම යෝජනාවලිය, මෙරට තීරණාත්මක මෙහෙයුම් කටයුතුවල සියලු අංශ තුළ ඩිජිටල් වාණිජ්‍යය සහ E-පාලනය හඳුන්වා දීම සඳහා අවශ්‍ය නව්‍ය තාක්ෂණික ක්‍රමවේදවල පදනම වනු ඇත. SLT-MOBITEL සමාගම සුව සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධිකරණ ක්‍රියාවලි සහ බැංකුකරණ හා මුල්‍යයනය යන අංශ මෙම නව ක්‍රමවේදය හරහා වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු මෙරට වඩාත් තීරණාත්මක අංශ සහ සේවා ලෙස හඳුනාගෙන ඇත.

Continue Reading