Connect with us

Sports

Kandy Falcons කණ්ඩායමට ලකුණු 122ක ඉලක්කයක්.

Published

on

LPL තරගාවලියේ Galle Gladiators සහ Kandy Falcons කණ්ඩායම් අතර තරගය මේ වන විට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Galle Gladiators කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 121ක් රැස් කළේය. තම ඕවර 4 එක දිගටම යැවූ කාලෝස් බ්‍රැත්වෙයිට්ගේ (14/4) අසහාය පන්දු යැවීම හමුවේ අසීරු තත්වයකට පත් වුණු Galle කණ්ඩායමේ මුල් කඩුළු 5 ඕවර 8ක් ඇතුළතදී ලකුණු 35කදී අහිමි වුණා. එහෙත් හයවැනි කඩුල්ල වෙනුවෙන් මොවින් සුබසිංහ (40) සහ ඉමාඩ් වසීම් (34) එක්ව ගොඩනැංවූ ලකුණු 65ක සම්බන්ධතාව නිසා යන්තම් හිස ඔසවාගත් Galle Gladiators ක්‍රීඩකයෝ මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායමට එරෙහිව හම්බන්තොටදී පැවැත්වෙන මෙම තරගයේදී ඕවර 20ක් අවසානයේදී ලකුණු 121කට සීමා වූහ. මොවින් සුබසිංහ හතරේ පහර 4ක් සහ හයේ පහර දෙකක් සමගින් පන්දු 38කදී ලකුණු 40ක් ලබාගත්තා.