Connect with us

Sports

Jaffna Kings කණ්ඩායමට ලකුණු 122ක ඉලක්කයක්.

Published

on

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Jaffna Kings සහ Dambulla Aura අතර මේ වන විට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයයේදී පැවත්වෙනවා. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 121ක් රැස්කරගැනීමට සමත් විය. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ විජයකාන්ත් ලකුණු 24කට කඩුළු 3ක් දවාගත්තේය. එසේම දඹුල්ල කණ්ඩායමට හිසරදයක් වූ මහීෂ් තීක්ෂණද සුපුරුදු දක්ෂතා අතරට එමින් කඩුළු 3ක් දවාගැනීමට සමත් වුණා. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Jordan Cox හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 43ක් රැස් කළා.