Connect with us

Sports

Galle Titans පරදවා B-Love Kandy කණ්ඩායම අවසන් මහා තරගයට.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ B-Love Kandy සහ Galle Titans කණ්ඩායම් අතර පැවති අවසන් වටයේ තුන්වන තරගය (Qualifier 2) තරගය ලකුණු 34කින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් B-Love Kandy කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර විස්ස අවසානයේ තුළ කඩුළු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත් වුණා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග පන්දු 30කදී හතරේ පහර 3ක් සහ දැවැන්ත හයේ පහර 4ක් සමගින් ලකුණු 48ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් රැස් කළා. පන්දු යැවීමේදී ළහිරු කුමාර හා සොනාල් දිනූෂ කඩුළු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය Galle Titans කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123ක් පමණයි. සොනාල් දිනූෂ ලකුණු 28ක් සහ Litton Das ලකුණු 25ක් රැස් කළ අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කර යෑමට හැකි වූයේ නැහැ. පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුළු 2 බැගින් බිඳ හෙළුවා. ඒ අනුව B-Love Kandy කණ්ඩායම LPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් අද Dambulla Aura කණ්ඩායම සමග LPL කිරුළ සඳහා තරග වැදීමට නියමිතයි.