Connect with us

Sports

Galle Titans කණ්ඩායමට කඩුළු 7ක සුපිරි ජයක්.

Published

on

Jaffna Kings සමග පැවති තරගයෙන් කඩුළු 7ක ජයක් ලැබීමට Galle Titans කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් Jaffna Kings කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ සියලුදෙනා ලබා ගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 22ක් රැස් කළ අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට Galle Titans පන්දු යවන්නන් හමුවේ හැකි වූයේ නැහැ. සුපිරි පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ලකුණු 20කට කඩුළු 4ක් බිඳ හෙළුවා. එහිදී ඔහුට අනගි සහයක් දුන් Tabraiz Shamsi සහ ලහිරු කුමාර කඩුළු 2 බැගින් බිඳ හෙළුවා. Jaffna Kings කණ්ඩායමේ මුල් කඩුළු 5 ලකුණු 21ක් තුළ බිඳ වැටුණ අතර ඉන් කඩුළු 4කටම හිමිකම් කීමට කසුන් රාජිත සමත් වුණා. ලකුණු 90ක ඉලක්කයක් හඹා ගිය Galle Titans කණ්ඩායම පන්දුවාර 13.3ක් අවසානයේ එම ඉලක්කය පසු කර ගියා. මෙවර LPL තරගාවලියේ සිය තුන්වන අර්ධ ශතකයත් වාර්තා කළ Tim Seifert පන්දු 42කදී ලකුණු 55ක් රැස් කරමින් Galle Titans කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.