Connect with us

Sports

Dambulla Thunders කණ්ඩායම LPL තරගාවලියෙන් ඉවත​ට විසි වෙයි.

Published

on

Dambulla Thunders කණ්ඩායම සමග අත්සන් තබා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකයින් විසින් තීරණය කර තිබෙනවා. එම කණ්ඩායමේ හිමිකරු වන බංග්ලාදේශ ජාතික Tamim Rahman නැමත්තා සම්බන්ධයෙන් වන සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. Tamim Rahman අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට තිබුණේ තරග පාවාදීම සඳහා යෝජනා කිරීම පිළිබඳවයි.