Connect with us

Sports

Dambulla Aura කඩුළු 5කින් පරදවා B-Love Kandy කණ්ඩායම LPL ශූරතාව දිනාගනියි.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියරේ ශූරතාව දිනාගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා. ඒ Dambulla Aura කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයෙන් කඩුළු 5ක අති විශිෂ්ට ජයක් වාර්තා කරමිනි. කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණූ 147ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 40ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 36ක් රැස් කළා. චතුරංග ද සිල්වා කඩුළු 2ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B-Love Kandy කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේ එම ඉලක්කය හඹා ගියා. B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක්, Mohammed Haris ලකුණු 26ක් සහ Kandy කණ්ඩායම අවසන් මොහොතේ ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25ක් රැස් කළා. තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් දිනාගත් අතර තරගාවලියේ වීරයා සම්මානය වනිඳු හසරංග දිනාගත්තා. වනිඳු හසරංග මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා මෙන්ම වැඩිම කඩුළුලාභියා ද වනවා. ඒ අනුව B-Love Kandy කණ්ඩායම සිය කුළුදුල් LPL ශූරතාව දිනාගත්තා.