Connect with us

Sports

Dambulla Aura කණ්ඩායමට ලකුණු 10ක තියුණු ජයක්.

Published

on

Colombo Strikers සමග අද පැවති තරගය ලකුණු 10කින් තියුණු ලෙස ජය ගැනීමට Dambulla Aura සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 192ක් රැස් කළා. Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 46කදී හතරේ පහර 4ක් සහ දැවැන්ත හයේ පහර 8ක් සමගින් ලකුණු 87ක් රැස් කළා. සධීර සමරවික්‍රම ලකුණු 59යි. පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුළු 3ක් සහ Naseem Shah කඩුළු 2ක් බිඳ හෙළුවා. ලකුණු 193ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස් කරගැනීමට හැකි වූයේ කඩුළු 4ක් දැවී ලකුණු 182ක් පමණයි. එහිදී නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 56ක් සහ Babar Azam ලකුණූ 41ක් රැස් කළා. Noor Ahmad කඩුළු 2ක් දවාගත්තා.