Connect with us

Sports

Colombo Stars කණ්ඩායමේ නාමය සහ හිමිකාරීත්වය වෙනස් වෙයි.

Published

on

මෙවර LPL තරගාවලියට එක්වන කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය සහ නාමය වෙනස් වී තිබෙනවා. එම කණ්ඩායමේ මෙවර හිමිකාරීත්වය දරණු ලබන්නේ SKKY සමූහ ව්‍යාපාරයයි. එය අමෙරිකාවේ නිව්යෝක් නගරය කේන්ද්‍ර කරගනිමින් විහිදී ඇති ව්‍යාපාර ජාලයකි. ව්‍යාපාර ජාලයේ හිමිකරු සාගර් ඛන්නා නම් ඉන්දීය ජාතිකයෙකි. Abudhabi T10 ලීග් තරගාවලියට පසුගිය වසරේ එක්වූ New York Strikers කණ්ඩායමේ හිමිකරු වන්නේද සාගර් ඛන්නා මහතායි. මේ අතර කොළඹ කණ්ඩායමේ නමද වෙනස් වී තිබෙනවා. මෙවර කොළඹ කණ්ඩායම LPL තරගාවලියට එක්වන්නේ Colombo Strikers යන නාමයෙනි. LPL තරග ඉතිහාසයේ කොළඹ කණ්ඩායමේ නම වෙනස් වූ තුන්වන අවස්ථාව මෙය වනවා.