Connect with us

Magazine

BTS Suga හෙවත් මින් යුංගි කණ්ඩායම හැර යයිද?

Published

on

දකුණු කොරියානු මාධ්‍ය ඇතුළු ලොව පුරා සියළු සමාජ මාධ්‍ය ජාලා ඇවිලූ Global Music Band එකක් වන දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායමෙහි සාමාජික රැප් ගායක Min Yoongi හෙවත් Suga ට මුහුණ දෙන්න වුණ අකරතැබ්බය ගැනයි මේ කතාව…

මේ වනවිට සංගීතයෙන් මදක් විවේක ගෙන දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයේ නිරත වෙලා ඉන්න BTS කණ්ඩායමේ Suga ඔහුගේ නිවාඩු දිනයේ (අගෝස්තු 05 හෝ 06 වැනිදා) යාළුවොත් සමග එකතුවෙලා පොඩි සාදයක් පවත්වලා තිබුණා..

ඉතින් යාළුවොත් එක්ක එකතු වුණාම දන්නේ නැද්ද.. සුගා එහිදී යාලුවොත් එක්ක කාලා බීලා සිංදු කියලා නටලා එහෙම තිබ්බා.. (මත්පැන් පානය කරලා)

හැබැයි සුගා එහෙම ලොකුවට මත්පැන් අරගෙන තිබුණේ නැහැ කියලා තමයි වාර්තා වුණේ.. (සාමාන්‍ය ප්‍රමාණයෙන්)

අනතුරුව මේ සාදය ඉවරවෙලා සුගා නැවත නිවසට පැමිණෙන්නේ එයාගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකෙන්… ඔය එන අතරතුර සුගා එම ස්කූටර් එකෙන් වැටිලා ආයේ අනික් අතට නැගිටිනවා.. එම ස්ථානයට පොලිස් නිළධාරීන් තිදෙනෙකු එනවා.. බීමත්ව රිය පැදවීමේ වරද අතරට එම සිදුවීම අයත් වන නිසා සුගාගේ රියැදුරු බලපත්‍රය පොලිස් නිළධාරීන් භාරයට අරගෙන සුගාට අවවාද කරනවා…

එතනින් පස්සේ තමයි වැඩේ පත්තු වෙන්නේ..

ඒ කියන්නේ දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය මාධ්‍ය ජාලයක් වන JTBC මාධ්‍ය, සුගාගේ මේ සිදුවීම මහා විශාල වරදක් ලෙස අර්ථකතනය කරමින් සුගාගේ රිය අනතුර බව පවසා එම මාධ්‍ය හරහා CCTV දර්ශන කිහිපයක් නිකුත් කරනවා…

මාධ්‍යකට කරන්න පුලුවන් බලපෑම කොච්චරද කිව්වොත් කතාව ආරම්භ වෙන්නේ එම CCTV දර්ශන ප්‍රචාරයෙන් පසුවයි..

එතනින් එහාට කොරියාවේ සෙසු මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ද මේ පිළිබඳ වාර්තා කළා.. (ඒ සුගාගේ චරිතයටත් හානි කරමින්)

අතැම් ප්‍රෙක්ෂකයින් සුගා වගේ කෙනෙක් BTS කණ්ඩායමට සුදුසු නැහැ.. ඔහුට කණ්ඩායම හැර යන ලෙස බලකරමින් සමාජ මාධ්‍ය ජාලා ඇතුලේ විවිධ බලපෑම් එල්ල කරනු ලැබුවා.. සුගාට කිසිඳු ලෙසකින් කේෂ්ත්‍රයේ පෙනී නොසිටින ලෙසට ඔවුන් බලපෑම් කළා..

කෙසේ වෙතත් සදා නොවෙනස් ARMY (BTS ෆෑන් බේස් එක හඳුන්වන නම) හැමදාමත් වගේ සුගා වෙනුවෙන් පෙනී සිටියා.. ඉතින් සුගාට මේ මොහොතේ ශක්තිමත්ව ඉන්න කියලා ඔහුට මල් කළඹවල් සියයට වැඩි ප්‍රමාණයක් යවා තිබුණා.. සමාජ මාධ්‍ය හරහා විවිධ සටහන් තබමින් ‘සුගා ආර්මි ඔබ සමගයි’ යන්න ද සඳහන් කර තිබුණා..

දකුණු කොරියාව කියන්නේ නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන රටක්.. ඒ නීතිය කාට වුණත් ඒකයි.. ඉතින් සුගාටත් ඒ නීතිය ඒ විදියමයි.. ඉතින් සුගාට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි වුණ බලපෑම් මධ්‍යයේ සුගාගේ රිය අනතුර සම්බන්ධයෙන් තවත් සීසීටීවී දර්ශන කිහිපයක් එළියට එනවා..

ඒ, දින දෙකකට පෙරයි..

මීට පෙර JTBC” හි “Newsroom හරහා සුගාගේ යැයි ප්‍රචාරය කළ CCTV දර්ශනවල සිටින්නේ සුගා නොවන බවට එම දර්ශන හරහා තහවුරු වනවා..

මීට පෙර මාධ්‍ය හරහා ප්‍රචාරය වූ සීසීටීවී දර්ශනවල සිටින්නේ රැප් ගායක සුගා නොවන බවත්, පෙර දර්ශන එම ස්ථානයේම සුගාගේ අනතුරට පෙර දවසක සිදුවු වෙනත් අනතුරක් බවටත් පසුව දකුණු කොරියානු පොලීසිය ප්‍රකාශ කරලා තිබුණා.

එම සීසීටීවී නිරීක්ෂණය කිරීමෙන් පසු පොලීසිය විසින් සුගා නිවැරැදි බවට තහවුරු කළා.

“එ‍ම දර්ශනවලින් ඔප්පු වෙනවා සුගා වරදක් සිදුකරලා නැහැ කියලා.. Suga Electric Scooter එක ඇවිදීමට ආසන්න වේගයෙන් ධාවනය කරන්නේ.. ප්‍රධාන මාර්ගය භාවිත නොකර මෝටර් රථවලින් ඈත්ව, හිස්වැසුම් පැළඳ, කෙලින්ම මීටර් 500 ක් පමණ ධාවනය කර, හදිසි හැරීමකින් පසු ඔහුගේ නිවස ඉදිරිපිට වැටී, වහාම නැගිට්ටේය.. Suga කිව්වා වගේම එයාගේ නිවස ඉස්සරහ වැටෙන්නේ.. පොලිස් නිලධාරින් තිදෙනා එද්දී එයා බීම වැටිලා නෙවෙයි ඉන්නේ.. එයාව හොයා ගනිද්දී suga හොඳින් හිටගෙන ඉන්නවා..”

කොහොම වුණත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සුගාත් තමන්ගේ ප්‍රේක්ෂකයින්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා තිබුණා..

Continue Reading