Connect with us

Sports

B-Love Kandy කණ්ඩායම හමුවේ ලකුණු 61කින් පරාජය වුණු Jaffna Kings කණ්ඩායම LPL තරගාවලියෙන් ඉවතට.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවති Eliminator තරගයෙන් ලකුණු 61ක සුපිරි ජයක් වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට B-Love Kandy කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Mohammed Haris පන්දු 49කදී ලකුණු 79ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණූ 41ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 127ක් පමණයි. Shoaib Malik ලකුණු 31ක් සහ David Miller ලකුණු 26ක් රැස් කළා. සුපිරි පන්දු යැවීමක නිරත වූ B-Love Kandy කණ්ඩායමේ නායක වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 6ක් බිඳ හෙළුවා. ඒ අනුව තරගය ලකුණු 61කින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වූ අතර ඔවුන් 19 වනදා Galle Titans කණ්ඩායම සමඟ Qualifier 2 තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගය පරාජයට පත්වීම හේතුවෙන් තෙවරක් LPL ශූරතාව දිනූ Jaffna Kings කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.