Connect with us

Sports

සැප්තැම්බර් මාස ICC ක්‍රීඩකයා වෙන්න ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

Published

on

අයි.සී.සී සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය මේ සඳහා ඇතුලත්ව ඇති බව සඳහන්.

කමිඳු මෙන්ඩිස් පසුගිය මාසයේ ඔහු සහභාගී වූ තරග තුනේදීම ඉනිම 4ක් ක්‍රීඩා කරමින් ශතක දෙකක් සහ අර්ධ ශතකයක් රැස් කර ගත්තා. එහිදී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 124.33ක්ව තිබීම විශේෂත්වයක්.

ප්‍රභාත් ජයසූරිය පසුගිය මාසයේ නවසීලන්තය සමඟින් ඔහු සහභාගී වූ තරග දෙක තුළදී කඩුලු 18ක් දවා ගෙන තිබෙනවා. එහිදී ලකුණු 42කට කඩුලු 6ක් දවා ගැනීමද ඊට ඇතුළත්.

ඔවුන් දෙදෙනාට අමතරව ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්ද මේම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.