Connect with us

Sports

ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ඉන්දීය කාන්තා කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගනියි.

Published

on

ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි විස්ස අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව කඩුළු 8කින් පරාජය කරමින් 7 වැනි වරටත් ආසියානු කුසලානය දිනා ගැනීමට ඉන්දියාව අද සමත් විය. බංග්ලාදේශයේ ෂිලාත් නුවරදී පැවැති මෙම තරගයේදී ඉතාමත් පහසුවෙන් ඉලක්කය පසුකර ගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ පන්දුවාර 11.3ක් ඉතිරිව තිබියදී කඩුළු 8කින් තරගය ජයගත්හ. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තාය. එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 08ක්ව තිබියදී රේණුකා සහ ඉන්දීය කඩුළු රකින්නිය වූරිචා ගෝෂ් දෙදෙනා එක්ව ලකුණු 6ක් ලබා සිටි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුව දුවද්දී දවාගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නොසැලකිලිමත්කම සහ අනවශ්‍ය ලෙසින් පන්දුවට පහර දීමට යාමෙන් ඉතා ඉක්මනින් යළි ක්‍රීඩාගාරය වෙත හැරී යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුණා. රේණුකා සිං සහ ස්නේහා රානා එක්ව ලකුණු 24ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකාරිනියෝ 8 දෙනෙකුම ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. ඉනිමේ තුන්වැනි පන්දුවාරයේදී කිසිවකු නොදැවී ලකුණු 08ක් ලෙසින් සටහන් වූ ලකුණු පුවරුව, 12 වැනි පන්දුවාරයේදී ලකුණු 32කට කඩුළු 8ක් ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 43ක් වෙද්දී 9 වැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත්, ඉනෝකා රණවීර (නොදැවී 18) සහ අචිනි කුලසූරිය (නොදැවී 06) එක්ව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 65ක් දක්වා කැඳවාගෙන ගියහ. ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුළු දෙක ලකුණු 35කදී බිඳ වැටුණ නමුත්, කාන්තා විස්සයි-විස්ස අන්තර්ජාතික තරග 102ක් ක්‍රීඩ කර ඇති ස්මිත්‍රි මන්දනා, පන්දු 25කින් ලකුණු 51ක් ලබා ගනිමින් අර්ධ ශතකයක් වාර්තා කළා. ඇගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.