Connect with us

Sports

ශ්‍රී ලංකාවට කඩුලු අටක ජයක්

Published

on

එංගලන්තය සමඟ පැවැති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජයගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.

එහිදී පැතුම් නිස්සංක නොදැවි ලකුණු 127ක් ලබාගැනීමටයි සමත් වුණේ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 325ක්.

එහිදී එංගලන්තය වෙනුවෙන් නායක ඔලිව් පොප් ලකුණු 153ක් සහ බෙන් ඩකේට් ලකුණු 86ක් රැස්කිරීමටයි සමත් වුණේ.

සෙසු පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දුයැවීමේදී මිලාන් රත්නායක කඩුලු තුනක් දවාගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි‌ වූයේ ලකුණු 263ක් පමණයි.

එහි දී ධනංජය ද සිල්වා ලකුණු 69ක්, කමිදු මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ලකුණු 64 බැගින් රැස්කරගත්තා.

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 15සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේදී ටෙස්ට් වරම් දිනාගත් ජෝෂ් හූල් සහ ඔලි ස්ටෝන් කඩුලු 03 බැගින් දවාගැනීමටයි සමත් වුණේ.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 62ක් ඉදිරියෙන් සිටි සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමට රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණයි.

එහිදී ජමීන් ස්මිත් ලකුණු 67ක් ලබාගත්තා. පන්දුයැවීමේදී ළහිරු කුමාර බිඳහෙළු කඩුලු සංඛ්‍යාව 04ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජයගනු ලැබුවේ වසර 10කට පසුව වීමත් විශේෂත්වයක්. ඔවුන් අවසන්වරට තරගයක් ජයගෙන ඇත්‌තේ, 2014 වසරේදීයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ දෙවන තරගයත් ජයගැනීම විශේෂත්වයක්.